LankaWeb – ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.Posted on February 13th,

මාධ්‍ය නිවේදනය මානව හිමිකම් කේන්ද්‍රය

කේන්ද්‍රය ඉල්ලයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ
මහත්මිය පවසන්නේ මීගමුව කඩොලාන ශාක පද්ධතිය රැක ගැනීම සම්බන්ධයෙන් සෘජුව සිය
විරෝධතාව දැක්වීම නිසා ඇය වෙත තර්ජන එල්ල වීමේ දැඩි අවධානයක් පවතින බවයි. මේ නිසා
ඇයගේ රැකියාවේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බව  ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි.

එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඊයේ
(12) පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය
හමුවේදී ද ඇයගේ  ආරක්ෂාව අනතුරේ පවතින බව
පිළිගනිමින්  “අනූ නමයෙන් බේරුණේ.
මමයි බේරාගත්තේ නැත්තං එයාට  ගහනවා ”
යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය
කරයි.  එම ප්‍රකාශය වන සංරක්ෂන නිලධාරිනි
දේවානි ජයතිලක මහත්මිය වෙත  අනියමින් එල්ල
කළ බලපෑමක්  බව ද සුරංගි ආරියවංශ මහත්මිය
පෙන්වා දෙයි. මේ නිසා සිව්දරු මවක් වන දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව .තහවුරු
කිරීම මේ මෙහොතේ රජයේ වගකීමක් වන බව ආරියංවංශ මහත්මියගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයාගෙන් සහ
පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ලිඛිතව ඉල්ලිමක් කර ඇති බවද
ආරියවංශ මහත්මිය සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් දේවානි ජයතිලක මහත්මියගේ
වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව වහා තහවුරු කළ යුතු බව එම ලිඛිත
ඉල්ලීමෙහි දැක්වෙන බව ඇය සඳහන් කළාය.

මාධ්‍ය ඒකකය

ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Leave a Reply

You must be logged in to post a comment.

Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.

This entry was posted
on Thursday, February 13th, 2020.
You can follow any responses to this entry through the RSS 2.0 feed.

You can skip to the end and leave a response.

Source